පකිස්තානයේත් විදුලි කප්පාදුව සැරටම

0
708

පකිස්තානය විසින් රට පුරා නිවේදනය නොකළ විදුලිය විසන්ධි කිරීම් ආරම්භ කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, දෛනික විදුලි බල නිෂ්පාදන හිඟය මෙගාවොට් 5000ට ළඟා වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

ඉන්ධන හිගවීම හේතුවෙන්, ගෑස්, ගල්අඟුරු සහ ඩීසල් මත ක්‍රියාත්මක වන බලාගාර කිහිපයක් දැනටමත් වසා දමා ඇති බව ද එම වාර්තාවල දැක්වේ.

පන්ජාබ් ඇතුළු පළාත් කිහිපයකම විදුලිය විසන්ධි කිරීමේ කාල සීමාව පැය 3 සිට 10 දක්වා ඉහළ ගොස් ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here