ඇල්ල ඔඩෙසි

0
437

එළඹෙන සති අන්තයේ සිට කොළඹ සිට බදුල්ල දක්වා අධි සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ආරම්භ කර ඇති මෙම නව දුම්රිය නම්කර ඇත්තේ “ඇල්ල ඔඩෙසි” ලෙසය.

එම දුම්රිය සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතව ඇත.

එසේම සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟාවනු ඇත. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය,මහනුවර,නාවලපිටිය,නානුඔය,හපුතලේ,දියතලාව,බණ්ඩාරවෙල,ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නැවත්වීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය නවත්වනු ඇති බවද ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි. කොළඹ සහ බදුල්ල දුම්රිය මාර්ගය මෙරට තුළ ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත දුම්රිය මාර්ගයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here