Saturday, September 21, 2024

EPF – ETF අධිභාර පනතට අයත් නෑ – නීතිපති අධිකරණයට කියයි

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුලු අරමුදල් 13 ක් අධිභාර පණත් කෙටුම්පතට යටත් නොවන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මීට අමතරව තවත් අරමුදල් 11 ක් අධිභාර පනත් කෙටුම්පතෙන් ඉවත් කර ඇති බවයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන්නේ.

ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පණත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කල විශේෂ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගොනුකර ඇති පෙත්සම අද ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

මෙම පනත් කෙටුම්පත මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සහ ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ. පෙත්සමේ වගඋත්තරුකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා.

පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ පෙත්සමෙන් ඉල්ලා ඇති සහන දැනටමත් ලැබී ඇති බැවින් පෙත්සම ඉදිරීයට පවත්වාගෙන යාමේ අදහසක් නොමැති බවයි.

බදුවලට යටත් වන වාර්ෂික ආදායම රුපියල් බිලියන 02 ඉක්මවන සමාගම්වලින් එක් වරක් පමණක් අය කෙරෙන 25% ක බද්දක් පැනවීමට අධිභාර පනත් කෙටුම්පත හරහා යෝජනා කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles