Facebook දෛනික පරිශීලකයන් මිලියනයක් අහිමි වීම නිසා Meta කොටස් 22% කින් පහත වැටේ

0
281

Facebook විසින් 2021 අවසාන කාර්තු දෙක තුළ දෛනික පරිශීලකයින් මිලියනයක් පමණ අඩුවෙන් වාර්තා කර ඇත.

18 වසරක ෆේස්බුක් ඉතිහාසයේ පළමු වරට දෛනික පරිශීලකයන් සංඛ්‍යාව අඩු වී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී දෛනික ෆේස්බුක් පරිශීලකයන් සංඛ්‍යාව සටහන්වූයේ බිලියන 1.929 ක් ලෙසයි.

කෙසේවෙතත් ඊට පෙර කාර්තුවේදී එය බිලියන 1.930 ක් ලෙස පැවතුණා.

ටික්ටොක් සහ යූ ටියුබ් වැනි ප්‍රතිවාදී සමාජ ජාල හමුවේ ෆේස්බුක් ආදායමද අහිමවීමේ අවධානමක් උද්ගත වී ඇති බවද සඳහන්.

දෛනික පරිශීලකයින් බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් සිටින යෙදුමක කුඩා පහත වැටීමක්, එකතැන පල්වීමේ ලකුණක් බව අඟවයි

මේ අතර ඊයේ දිනයේදී ෆේස්බුක් මව් සමාගම වෙන මෙටා හි කොටස් මිළ ගණන්ද සියයට 20 කින් පමණ පහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here