Facebook සමාගම Facial Recognition තාක්ෂණය අත්හැරීමට තීරණය කරයි

0
301

මින් ඉදිරියට Facial Recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට කිසියම් අයෙකු ෆේස්බුක් වෙත ඡායාරූපයක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු නොවනු ඇත.

පරිශීලකයින්ගේ රහස්‍යභාවය, පෞද්ගලිකත්වය සහ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබී ඇති චෝදනා සහ පැමිණිලි මෙම තීරණය ගැනීමට හේතුව ඇති බව සඳහන් වෙි.

Facial Recognition තාක්ෂණයත් සමග ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පවා පසුගිය කාල සීමාවේදී ගෙන තිබුණා.

දිගින් දිගටම එල්ලවන චෝදනා හමුවේ ෆේස්බුක් ආයතනය මේ වනවිට වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින අතර මෙටා නමින් මව් සමාගම යළි නාමකරණය කිරීමද ඊට අන්තර්ගතයි.

ෆේස්බුක් සමාජ ජාලය පසුගියදා මෙටා නමින් නම් වෙනස් කිරීමක් සිදු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here