දේව අපහාස නීතිය යටතේ ගොතන බොරු චෝදනා

0
299

කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට ක්‍රිස්තියානි කාන්තාවක් සහ මුස්ලිම් ජාතිකයෙකුට පාකිස්තානයේ දී අසත්‍ය චෝදනා එල්ල වී තිබේ.
පකිස්ථානයේ, සාමූහිකව “දේවාපහාස නීතිය” ලෙස හැඳින්වෙන නීතිය ඉස්ලාමයට එරෙහිව අපහාස කිරීමේ චෝදනාව මරණීය දණ්ඩනය ලැබිය හැකි එකකි.
කෙසේ වෙතත් බොහෝ සිදුවීම් ගොතන ලද ඒවා බවට මානව හිමිකම් ක්‍රියාධරයින් පවසති.
සමාජ මාධ්‍යවල සාකච්ඡා වූ එවැනි අසත්‍ය චෝදනාවක් වූයේ පන්ජාබ් හි මුසාරත් බීබී නම් ක්‍රිස්තියානි කාන්තාවක් සහ මුහම්මද් සර්මාඩ් නම් මුස්ලිම් ජාතිකයෙකු කුරානයේ පිටු පුලුස්සා දැමූ බවට චෝදනාවට ලක් වීමයි.
ඔවුන් ප්‍රදේශයේ පාසලක කම්කරුවන් ලෙස සේවයේ නිරත වූවන්ය.
ඔවුන් පාසලේ ගබඩා කාමරයක් පිරිසිදු කර පැරණි හා හානි වූ කඩදාසි පුළුස්සා දමා ඇති අතර විදුහල්පතිවරයා පැවසුවේ එහි කුරානයේ පිටු නොතිබුණු බවයි.
කෙසේ වෙතත් ඇතැම් පාසල් සිසුවියන් ශුද්ධ වූ ග්‍රන්ථයේ පිටු පුළුස්සා ඇති බවට රාවයක් පතුරුවා හැර තිබේ.
අවසානයේ ඔවුන් දැන් මරණීය දණ්ඩනයට ගොදුරු වීමේ අවදානමක සිටී .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here