චීනයෙන් එල්ල වූ සයිබර් ප්‍රහාර 2000 ක් ගැන ඇමරිකාවෙන් විමර්ශන

0
662

චීනයේ සිට එල්ල වූ සයිබර් ප්‍රහාර 2000 ක් පමණ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් පවතින බව ඇමරිකානු එෆ්බීඅයි ආයතනයේ විමර්ශන අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වොරේ පවසයි.

ඔහු සදහන් කරන්නේ චීන රජයේ අනුග්‍රහය යටතේ ඇමරිකාවේ නවෝත්පාදන දැනුම සහ තාක්ෂණය සොරා ගැනීම සදහා මෙම සයිබර් ප්‍රහාර එල්ල කෙරෙන බවයි.

ආසන්නතම සයිබර් ප්‍රහාරය පෙබරවාරි මුල් සතියේ දී රේගන් ජනාධිපති පුස්තකාලය වෙත එල්ල වී තිබේ.

එෆ් බී අයි අධ්‍යක්ෂවරයාට අනුව ඇමරිකාව වෙත ලෝකයේ සෙසු රටවල් සියල්ලෙන්ම එල්ල වන සයිබර් ප්‍රහාරවලට වඩා වැඩි සංඛ්‍යාවක් චීනයේ සිට එල්ල වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here