Saturday, January 11, 2025

FCID නිලධාරීන්ට මරණ තර්ජන..

මීටමාස හය-හතකට පෙර සිටම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් දේශපාලනඥයන් සහ රජයේ විවිධ පුද්ගලයන් විසින් පසුගිය කාලයේදී සිදු කර ඇති බව යි කියන රුපියල් කෝටි සිය ගණන් මූල්‍ය වංචා සම්බන්ධ පරීක්ෂණ පවත්වන FCID නිලධාරීන් රැසකට මරණීය තර්ජන එල්ල වෙන බව පැවසෙනවා. FCID ඒ සම්බන්ධව පොලිසියේ ඉහළ නිලධාරීන්ටද දැනුම් දී දැනුවත් කර ඇත.

දුරකථන හරහා මෙම තර්ජන එල්ල වී ඇත්තේ, FCIDය ඉදිරියේ පරීක්ෂණයට භාජනය වී ඇති මහා පරිමාණ මූල්‍ය වංචා ගණනාවකට අදාළ පරීක්ෂණවල පරීක්ෂණ කටයුතු අකර්මන්‍යව සිදු කරන ලෙසත් එම පරීක්ෂණ නිසි අයුරින් සිදු කළහොත් ඔවුන්ගේ ජීවිත අනතුරට පත්කරන බව පමණක් නොව එම නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ට පවා හිරිහැර කරන බව පවසමින්ය.

නිර්නාමිකව මෙම තර්ජන එල්ලවෙන අතර, මෙම තර්ජන එල්ල කරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා FCID නිලධාරීන් විවිධ සූක්ෂම උපක්‍රම අනුගමනය කරමින් සිටින බවත් සඳහන් වෙනවා. මේ සම්බන්ධව කළ විමසුමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ, පොලිස් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් තර්ජන එල්ල කළ ද ඔවුන් පොලිස් නිලධාරීන් නිසා එම තර්ජනවලට නිර්භයව මුහුණ දෙන අතර ඊට අමතරව වෙනත් ආරක්ෂාවක් ලබාදීමක් සිදු නොවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles