කොළඹ වරායේ බහාලුමක ගින්නක්!

0
651

කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකාංගණයේ තිබූ කන්ටේනරයක් ගිනිගෙන තිබේ. එහි තිබූ භාණ්ඩ සියල්ල දැවී විනාශවී ගොස් ඇත. එහි අන්තරායකර ද්‍රව්‍ය නොතිබූ බව වරාය අධිකාරිය පවසයි. කෙසේ නමුත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පැවසේ.

ඉතා සුළු කාලයකදි ගින්න පැතිරුණු බවත් ගිනි නිවීම සඳහා පැය තුනක කාලයක් ගත වූ බවත් පැවසේ.

අනතුරින් කිසිවෙකුට හානියක් නොමැත.