Thursday, January 16, 2025

ලංකාවේ Fitch Rating ශ්‍රේණිගත කිරීමි ගැන මහ බැංකුවෙි අප්‍රසාදය

ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතන විසින් ශ්‍රී ලංකාවේ තවදුරටත් පහත හෙළා තිබේ.

ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CCC දක්වා CC මෙම පහත හෙළීම කර ඇත.

ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන බාහිර ද්‍රවශීලතා තත්ත්වය අනුවල ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හේතුවෙන් විදේශ විනිමය සංචිතවල පහත වැටීමක් අවධාරනය කරන ඔවුන් ඉදිරි මාසවලදී පැහැර හැරීමේ සිදුවීමක වැඩි සම්භාවිතාවක් ඇතැයිද කියා සිටී.

මූල්‍ය ආතතියේ බරපතලකම රජයේ බැඳුම්කර ඵලදාව ඉහළ යාම සහ මුදල් ඒකකයේ පහළට යන පීඩනය මගින් නිරූපණය කරනු ඇතැයිද වාර්තාව සදහන් කරයි.

මෙි අතර ෆිච් රේටින් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ‍්‍රී ලංකාව පහළට හෙළීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය නොසතුට පළ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධනයන් හඳුනා ගැනීමට මෙම ශ්‍රේණිගත කිරීම අසමත් වී ඇති බවයි.

ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත හෙලීම සිතාගත නොහැකි බවද මහ බැංකු විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම් පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

එලෙස ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම් පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන කළත් ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධනයන් හඳුනා ගැනීමට මෙම ශ්‍රේණිගත කිරීම අසමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නොසතුට පළ කරමින් පවසයි.

මෙම පහත දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

පසුගිය වසර සාපෙක්ෂව මේ වසරේ ජනවාරි – සැප්තැම්බර් කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4කින් වර්ධනය වි ඇති බවත් මේ වසරේදී ශ්‍රී ලංකාවට සියයට 4කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබාගැනීමට හැකිවෙනු ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ වාර්තාගත අපනයන ආදායම හේතුවෙන් මේ වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය මාසයෙන් මාසය අඩුවෙමින් පවතින බවද මහ බැංකුව පෙන්වා දෙයි. එසේම නැවතවරක් ලාංකික ශ්‍රමිකයන් විදෙස්ගතවීම හරහා ඔවන්ගෙන් ලැබෙන ප්‍රේෂණද ඉහළ අගයකට පත්වෙනු ඇතැයි මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයක් තුළ ෆිච් රේටින්ග් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත පහළ දැමීම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයන්ට සෘණාත්මක පැතිකඩක් පෙන්වා දෙනු ඇතැයිද මහ බැංකුව පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles