ඇෆ්ගනිස්ථානයේ පතල් කම්කරුවන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

0
539

නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථානයේ උතුරු සමන්ගන් පළාතේ ගල් අඟුරු ආකරයක පතල් කම්කරුවන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු පවසති.

බල්ක් පළාතට මායිම්ව පිහිටි දාරා-ඊ-සොෆ් දිස්ත්‍රික්කයේ කොටල් රෙගි ප්‍රදේශයේ දී මෙය සිදු වූ බව රාජ්‍ය බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රාදේශීය තලේබාන් නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව, පතල් කම්කරුවන්ගේ භාණ්ඩ සොරකම් කර පසුව වෙඩි තබා ඝාතනය කර ඇති අතර මෙම ඝාතනයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

ඇෆ්ගනිස්ථානය පුරා මෑත කාලීන හටගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති අතර, එම සිදුවීම් හේතුවෙන් රට සුරක්ෂිත කිරීමට තලේබාන්වරුන්ට ඇති හැකියාව යටපත් කරඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here