චීන ආණ්ඩුවේ ලොක්කෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

0
390

චීනයේ ජිආන්ෂි පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ හිටපු උප සභාපති ගොං ජියන්හුවා අල්ලස චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ජාතික අධීක්ෂණ කොමිෂන් සභාව විසින් කරන ලද පරීක්ෂණයකින් පසු අදාළ නඩුව නඩු පවරන්නන් වෙත මාරු කරන ලද බව ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මේ අනුව , මෑතක දී විවිධ දූෂණ නඩුවලට අධිචෝදනා ලැබී දඬුවම් නියම වූ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු අතරට ‍ගොං ජියන්හුවා ද එක් වී සිටියි.

මෙම මස මුලදී, චීන ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු සහකාර විනිසුරුවරයෙකු වන වැන්ග් ලින්කින්ග්ට, අල්ලස් ලබා ගැනීම සහ ජාතික රහස් ලබා ගැනීමේ චෝදනාව මත වසර 14 ක සිර දඬුවමක් නියම විය.

වැන්ග් 2008 සිට 2018 දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහකාර විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ ආයතන දෙකකින් සහ නීතිඥයින් 11 දෙනෙකුගෙන් යුවාන් මිලියන 2.2 ක් පමණ අල්ලස් ලබාගෙන ඇති බව හෙළිවිය.

තවත් අවස්ථාවක දී, චීන සංවර්ධන බැංකුවේ හිටපු උප සභාපතිවරයෙකුට ද දූෂණ චෝදනා එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here