ඉන්ධන ප්‍රශ්නය දුරදිග යයි..

0
796
news alert

අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ ලංකා IOC ඉන්ධන පිරවුම්හල හිමිකරුගේ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.

මෙලෙස ගිනි තබා ඇත්තේ අනුරාධපුර තිලකපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසටයි. ඊයේ දිනය තුළ ඔහුගේ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ තිබේ .

කෙසේ වෙතත් ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරිසකට ඉන්ධන ලබා ගැනීමට හැකිවී නැහැ .

මෙලෙස කෝපයට පත් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවෙසට ගිනි තබන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

ගින්න හටගන්නා අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේ හහිමිකරු ගේ බිරිඳ සහ දරු දෙදෙනා පමණක් නිවසේ රැඳී සිට ඇත.

ප්‍රදේශවාසීන් වහා මැදිහත් වී ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර දේපල රැසක් ගින්නට හසුවී විනාශ වී ගොස් ඇති බවට පොලීසිය සඳහන්කරයි .

ඒ අතර ඉන්ධන පිරවුම්හල් හිමිකරුගේ දරු දෙදෙනා ගේ පාසල් උපකරණ සහ පොත්පත් ද ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන් එක් දරුවෙක් හෙට ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයට ද මුහුණ දීමට නියමිතව සිටින බවත් පොලිසිය පවසයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here