ලිට්‍රෝ නැවත නවතී! රට පුරා ගෑස් හිඟ උග්‍ර වේ.

0
577

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටවන්නැයි පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට යළි දැනුම් දී තිබෙනවා. 

අලුතින් වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර්වල ගෑස් සංයුතිය මෙන්ම ගෑස්  කාන්දුවකදී ගඳ වහනය වීම සඳහා යොදා ගන්නන එතිල් ම‘කැප්ටාන් ප්‍රමාණය අඩංගු ස්ටිකරයක් සිලින්ඩරයේ ඇලවීම සිදුකරනු ලැබුවා. 

එම ස්ටිකරය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ගෑස් සිලින්ඩර්වල එය ඇලවීම සිදුකර ඇත්තේ. 

එහෙත් එම ස්ටිකරය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයෙන් අවසර ලබාගෙන ගෑස් සිලින්ඩර්වල අලවා වෙළඳපලට නිකුත් කරන ලෙස පාරිභෝගික අධිකාරිය ඊයේ රාත්‍රියේ ලිට්‍රෝ  සමාගමට දැනුම් දී තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here