Friday, September 20, 2024

GMOA වර්ජනයකට සැරසෙයි

කැබිනට් මණ්ඩලය විසින් රාජ්‍ය සේවයේ විවිධ ශ්‍රේණිවලට කරන වැටුප් වැඩිකිරිම වහාම අත්හිටුවා ජාතික වැටුප් ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන ලෙස ඉල්ලා එළැඹෙන 21 දා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මෙම වැඩවර්ජනය එක්දින වැඩ වර්ජනයක්ද එසේත් නොමැතිනම් ඊට වැඩි කාලයක් සිදුකරන වර්ජනයක්ද යන්න ඉදිරියේදී තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජාතික වැටුප් ප්‍රතිපත්තියට පිටින් කැබිනට් මණ්ඩලය විසින් විවිධ ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීම හේතුවෙන් වැටුප් විශමතාවක් නිර්මාණය වි ඇති බවත් ඒ අනුව විවිධ වැඩ වර්ජන ආරම්භ කර ඇති බවත් එම සංගමය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles