Wednesday, September 25, 2024

#WeAreWithGota ද?
#GoHomeGota2022 ද?
බුකිය කැළඹූ හෑෂ්ටැග් සමාජ ජාල ප‍්‍රචාරක මෙහෙයුම

මේ වන විට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය තුළ හෑෂ්ටැග් දෙකක් තරඟකාරී ලෙස පැතිරෙමින් පවතිනවා.

පවතින ආණ්ඩුවට විරෝධය පළ කරමින් #GoHomeGota හෑෂ්ටැගය මීට දින කිහිපයක පටන් ක්‍රියාත්මක වන අතර ට්විටර් හා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ එමගින් බලකෙරුනේ ජනාධිපති ගෝඨාභය මහතාට බලය අතහැර යළිත් ඇමරිකාව වෙතම යන ලෙසයි.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවට හිතවත් සමාජ ක්‍රියාකාරීන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන හෑෂ්ටැගයක් නිර්මාණය කර තිබෙනවා.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින් යුතුව දැවැන්ත ඩිජිටල් මෙහෙයුමක් ආණ්ඩුවේ පාර්ශවයෙන් ආරම්භ වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාට සහාය පළ කරමින් ‘අපි ගෝඨාභය සමගයි’ #WeAreWithGota තේමාවෙන් විශාල ප්‍රමාණයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් සමාජ ජාල ක‍්‍රියාකාරීන් විසින් ආරම්භ වී තිබේ.

මෙම මෙහෙයුම ‘අපි ගෝඨා සමගයි’ යනුවෙන් නම් කොට ඇත.

#WeAreWithGota හෑෂ්ටැගය යටතේ ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි බවයි.

එය ආරම්භ කර ඇත්තේ #GotaGoHome ලෙස විරුද්ධ මතධාරීන් විසින් සමාජ ජාලවල ප‍්‍රචාරය කරමින් තිබූ මතවාදයට ප්‍රතිවිරුද්ධවයි.

රජයේ තනතුරු දරන නිලධාරීන් පිරිසක් විසින් මෙම ප‍්‍රචාරක සටහන් වැඩි වශයෙන් හුවමාරු කරනු නිරීක්‍ෂණය කල හැකිය

“අපි දැන් මුහුණ දීල ඉන්නේ ලෝකේ හැමෝම මුහණ දෙන දරුණු ආර්ථික ප්‍රශ්නෙකට. තෙල් පෝලිම් තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. බඩු මිල වැඩි ලංකාවේ විතරක් නෙවෙයි. අපි හැමෝම ප්‍රශ්නෙක ඉන්නේ. ඉවර කරන්න බෑ කියුව යුද්දේ ඉවර කරපු අපි, ලෝකෙම දණගස්සපු කොරෝනාව ජයගත්ත අපි, මේ ආර්ථික අර්බුදෙත් ජයගන්නවා” යි ‘WeAreWithGota’ බෙදාගන්නන්ගේ ගිණුම් වල දක්නට ලැබෙනවා.

‘GoHomeGota2022’ බෙදා හරින්නන්ගේ පෝස්ට් හී ‘මුන් ඔක්කොම හොරු මල්ලී’ යනුවෙන් සටහන්ව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles