ගෑස් ගැන සුබ ආරංචියක්…

0
509

ගෑස් රැගත් යාත්‍රාවක් අද (19) දින දිවයිනට ළඟාවීමට නියමිත බවට වාර්තා වනවා. ඒ අනුව අද දිනයේ දී ගෑස් මෙට්‍රික් ටොන් 3800ක් රැගත් යාත්‍රාවකුයි මෙලෙස පැමිණීමට නියමිතව ඇත්තේ.

ගෑස් හා ඉන්ධන හිඟය උග්‍රවීම හේතුවෙන් මේ වනවිට පැය 24 පුරාවටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මාර්ග අවහිර වීම් දක්නට ලැබෙනවා.

මීට හේතුව වී ඇත්තේ, ඉන්ධන සහ ගෑස් ඉල්ලා ජනතාව වීදි බැස සිදු කරන උද්ඝෝෂණ හේතුවෙන්.

එමෙන්ම කිලෝමීටර් ගණන් දිගු පෝලිම් නිසා ද මේ වනවිට ගෑස් සහ ඉන්ධන හිඟය ඉහළ ස්ථානයකට පැමිණ ඇති බවයි දක්නට ලැබෙන්නේ.

එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද සහ හෙට දිනයේ දී පෝලිම්වල රැඳී නොසිටින ලෙසටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here