සියලු රාජ්‍ය සේවකයින්ට සුභ පණිවිඩයක්..

0
522

රට යන රාජ්‍ය සේවකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

රාජ්‍ය සේවකයින් විදේශ ගත කිරීමේදී, ඔවුන්ට අවශ්‍ය රැකියා අවස්ථාවන් සොයා ගැනීමේදී විදේශ රැකියා නියෝජිත ආයතන සදහා විශාල කාර්යභාරයක් පැවරෙන බවද, විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා සඳහන් කළේය.

රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීම සදහා වන කඩිනම් වැඩසටහනක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ඇමැතිවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here