බලෝකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන ජර්මනියේ දී විශේෂ සාකච්ඡාවක්

0
337

පකිස්ථානයේ බලෝකිස්තානයේ වැසියන් මුහුන දෙන දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජර්මනියේ බර්ලින් නුවර දී විශේෂ සැසියක් පවත්වා තිබේ.

බලෝකිස්තානයේ සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම ජර්මනිය ප්‍රධානව අනෙකුත් යුරෝපානු රටවල සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් ඒ සදහා සහභාගී වී ඇත.

ඔවුන්ගේ මූලික අරමුණ වී තිබුණේ බලෝකිස්තානයේ පවතින දරුණු තත්ත්වය පිලිබද ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමයි.

ඒ අනුව පකිස්තාන පාලනය යටතේ පවතින බලෝකිස්තානයේ වෙසෙන සාමාන්‍ය වැසියන් මුහුන පා සිටින බරපතලම තත්ත්වය වන්නේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, ඝාතන, හා බලහත්කාරකම් වැනි සිද්ධි බව බලෝකිස්තාන් ජාතික ව්‍යාපාරය පෙන්වා දී ඇත.

දරිද්‍රතාවයෙන් පීඩා විදින බලෝකිස්තාන වැසියන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය හා අනෙකුත් සමාජයීය පහසුකම් හෝ සැපයීමට පකිස්තාන පාලනය අපොහොසත් වී ඇතැයි මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.

බලෝකිස්තානයේ ඇති ස්වාභාවික සම්පත් පකිස්තානය විසින් සූරා කෑමට ලක් කරන බවත්, ඒ හමුවේ බලෝකිස්තාන් වැසියන්ගේ ජීවන තත්ත්වය පිරිහීමට ලක්ව ඇති බවත් මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.

බලෝකිස්තානයේ වෙසෙන ජනතාවගෙන් පිරිසිදු ජල පහසුකම් පවතින්නේ සියයට 2 ක පමණ පිරිසකට බවත්, තවත් සියයට 40 ක පමණ පිරිසක් මූලික සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැතිව පීඩාවට පත්ව සිටින බවත් බර්ලින් හි පැවැති සම්මන්ත්‍රණයේදී මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දී තිබේ.

මව්පියන්ගේ දරිද්‍රතාවය හමුවේ බලෝකිස්තානයේ වෙසෙන දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණයෙන් පෙලෙන බව ද මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here