පකිස්තානයේ විදේශ ආයෝජන ආපසු හැරෙන ලකුණු.

0
871
Boys sit on a piece of styrofoam sheet as they search for crabs in front of the Gwadar port, Pakistan April 11, 2017. REUTERS/Akhtar Soomro

පකිස්තානය තුළ සිදුකෙරෙන විදේශ ආ⁣යෝජන විශාල වශයෙන් අඩුවීමේ සහ ඉවත්කර ගැනීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

මීට හේතුවී ඇත්තේ එරට තුළ ක්‍රියාත්මක විදේශ ආයෝජන ව්‍යාපෘතිවලට එරෙහිව මතුව ඇති දැඩි විරෝධතාවයි.

මේ වනවිට ග්වාඩර්හි වරාය ව්‍යාපෘතිය ඇතුළු විදේශ ආයෝජන ව්‍යාපෘතිවලට එරෙහිව දැඩි විරෝධතා මතුව ඇති අතර ඒවා සති ගණනාවක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙම විරෝධතා සදහා පකිස්තාන තලේබාන් සංවිධානය, ජමාට් ඊ ඉස්ලාම් ඇතුළු ඉස්ලාම් සංවිධාන ගණනාවක් සහය පළකිරීම හේතුවෙන් තත්වය වඩාත් උග්‍රවී ඇති බව පැවසේ.

විශේෂයෙන්, ඉදිරියේදී පකිස්තානයේ විදේශ ආයෝජන ව්‍යාපෘති සදහා අන්තවාදී සංවිධානවල බලපෑම් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව ආරක්ෂාව සහ අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සංසදය පෙන්වා දී තිබේ.

මෙම තත්වය හේතුවෙන් පකිස්තානයෙන් විදේශ ආයෝජන ඈත්වීමේ තත්වයක් නිර්මාණය වී ඇති බව එම සංවිධානය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here