ඉතිහාසය කොළඹට….!

0
1010

වසර 200කට අධික කාලයකට පෙර ලන්දේසින් විසින් රැගෙන ගිය ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් නෙදර්ලන්තයේ සිට යළි දිවයිනට රැගෙන විත් තිබේ.

මේ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මගුල් කඩුව, රජතුමාට අයිති රිදී කස්තානය, රන් පිහිය ඇතුළු කෞතුක භාණ්ඩ වන බව සඳහන්ය.

මෙම කෞතුක භාණ්ඩ ඊයේ (29) අලුයම 05.05ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 554 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේය