වාණිජ සුරපුරයක් වූ හොංකොං චීනයේ අඩු සැලකිලි මැද හිස් වෙයිද..?

0
298

නිශ්චල වාණිජ දේපල අතින් ලොව මිල අධිකම බල ප්‍රදේශයක් ලෙසින් සැලකෙන හොංකොං හි කාර්යාල ගොඩනැගිලි පෙර කිසිදා නොවූ විරූ තරම් හිස් අවකාශ බවට පත්ව තිබෙනවා.
ප්‍රකෝටිපතියෙකු වන ලී කා ෂිනග්ගේ Cheung Kong මධ්‍යස්ථානය ද සියයට 25ක් පමණ පුරප්පාඩු වී ඇති අතර ඔහුගේ නවතම ව්‍යාපෘතියේ නිවාස වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර ඇත්තේ එක් අයකු පමණයි.
කොවිඩ් වසංගතයෙන් පසු වැඩි පිරිසක් නිවසේ සිට වැඩ කිරීමේ තත්ත්වය මත නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා වන ප්‍රමුඛ පෙළේ වාණිජ නගරවල නිශ්චල දේපල දේපළ වෙළඳාම් සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දුන් අතර ඉන් ගොඩ ඒම සඳහා දැඩි අරගලයක නිරත වෙමින් සිටිනවා.
හොංකොං මුහුණ දෙමින් සිටින්නේ ද මෙම තත්ත්වයටයි.
චීනය සිය මූල්‍ය කේන්ද්‍රස්ථානය මත සිය ග්‍රහණය දැඩි කරන බැවින් බටහිර බැංකු එහි සිය කාර්යාල පවත්වාගෙන යෑම අත්හිටුවා තිබෙනවා.
පසුබෑමකට ලක්වුණු ව්‍යාපාර චීන මැදිහත්වීමෙන් නැගී සිටිනු ඇතැයි අපේක්ෂා කළ ද එම චීන ව්‍යාපාර ද ඔවුන්ගේම ආර්ථිකය අරගලයක නිරත ව සිටින බැවින් බලාපොරොත්තු වූ තරම් ප්‍රගතියක් අත් වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here