හොංකොංහි මාධ්‍ය මර්දනය උග්‍ර‍වේ.

0
419

චීනයේ අනුග්‍රහය මත හොංකොං බලධාරීන් විසින් හදුන්වාදෙන ලද ජාතික ආරක්ෂක නීතිය යටතේ සිදුකරන මාධ්‍ය මර්දනය උග්‍ර වී ඇතැයි එරට මාධ්‍ය සංවිධාන චෝදනා කරයි.

පසුගිය සතියේ දී එරට ක්‍රියාත්මක ස්ටෑන්ඩ් අන්තර්ජාල පුවත් සේවයේ කර්තෘ මණ්ඩල කාර්යාලය වෙත කඩා වැදුණු සියයකට අධික පොලිස් පිරිසක් විසින් කර්තෘ මාණ්ඩලිකයන් ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණ.

මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙවැනි සිදුවීම් වාර්තා වූ අතර මේ හේතුවෙන් හොංකොංහි පැරණිම පුවත්පතක් වූ ඇපල් ඩේලි ඇතුළු පුවත්පත් සහ අන්තර් ජාල වෙබ් අඩවි ගණනාවක් වසා දමනු ලැබිණ.

පවතින තත්වය හමුවේ පසුගිය සදුදා එරට පිහිටි ස්වාධීන පුවත් අඩවියක් වන සිටිසන් නිවුස් පුවත් වෙබ් අඩවිය ද වසා දැමීමට එහි හිමිකරුවන් කටයුතු කළ අතර මාධ්‍ය හමුවක් පවත්වමින් එහි හිමිකරැවන් සදහන් කළේ කර්තෘ මාණ්ඩලිකයන් ඇතුළු සේවකයන්ගේ ආරක්ෂාව තකා මෙම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here