Saturday, September 21, 2024

HSBC නව ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ප්‍රොතෙරෝ

HSBC ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට මාර්ක් ප්‍රොතෙරෝ මහතා පත්කර තිබේ.

2013 වසරේ සිට HSBC ශ්‍රී ලංකා සහ මාලදිවයින් හි මෙහෙයුම් කටයුතුවල ප්‍රධානියා වූ පැට්‍රික් ගැලහර් මහතා, සමූහයේම නව තනතුරක් භාරගැනීම උදෙසා ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට සමුදෙන බවද HSBC බැංකුව නිවේදනය කරයි.

ප්‍රොතෙරෝ මහතා, වසර 26කට අධික කාලයක් HSBC සමූහයට සම්බන්ධව කටයුතු කරමින්, වාණිජ බැංකුකරණ, ගෝලීය බැංකුකරණ හා වෙළෙඳ පොළ, අවදානම් කළමනාකරණ හා අභ්‍යන්තර විගණන ආදී ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හොබවා තිබේ. උතුරු ඇමෙරිකාව, මැදපෙරදිග, යුරෝපය සහ ආසියාව ආදී කලාප දක්වා ඔහුගේ ජාත්‍යන්තර පළපුරුද්ද පැතිර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ තායිලන්තය ආදී රටවලද බැංකුකරණ වෙළෙඳ පොළ අංශයේ තනතුරු දරා ඇත.

HSBC ශ්‍රී ලංකා සහ මාලදිවයින හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාරගැනීමට පෙර, මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු (MENA) කලාපයේ, කලාප ප්‍රධානී – අභ්‍යන්තර විගණන වශයෙන් කටයුතු කර ඇති ඔහු, රටවල් නවයක විගණන කටයුතු ආවරණය කිරීමේ වගකීම් දරා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles