එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු බවට චෝදනා

0
444

ජන සංහාරයට ගොදුරු වූ උයිගුර්වරුන්ට අපහාස කළ බවට චෝදනා කරමින් මානව හිමිකම් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේහට ඉල්ලා අස්වන ලෙස බල කර තිබේ.

උයිගුරැවරැන් සදහා වන ව්‍යාපාරය නම් මානව හිමිකම් සංවිධානය විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ මහ කොමසාරිස්වරිය ලෙස ඇයගේ රාජකාරිය පැහැර හරින ලද බව පවසමිනි.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා චීනයේ බන්ධනාගාර තුළ කල සංචාරය පිලිබදව ලැජ්ජාවට පත්විය යුතු බව ද එම මානව හිමිකම් කණ්ඩායම සදහන් කර තිබේ.

බැචලේ සිය කාර්යාලයේ රාජකාරි සහ ජාත්‍යන්තරයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට ඇති කාර්යභාරය නොසලකා හරින බවත් එක්සත් ජාතීන්ගේ මූලධර්ම නොසලකා හැර ඇති බවත් උයිගුර්වරුන් සඳහා වන ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සදහන් කරයි.

එහි විධායක අධ්‍යක්ෂ රුෂාන් අබ්බාස්, මානව හිමිකම් ගැන සැලකිලිමත් වන ලොව පුරා සිටින සියලුම පුද්ගලයින්, සංවිධාන සහ රජයන්වලින් ඉල්ලා සිටියේ බැචලේ එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here