ICCSL-CIMA ‘වඩාත්ම ප‍්‍රසාදයට ලක්වූ සමාගම්’ සම්මානයෙන් කොමර්ෂල් බැංකුව පිදුම් ලබයි

0
563

ශ‍්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනය (CIMA) සමග එක්ව 2019-20 වසරේදී ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක්වූ සමාගම් 10’  සඳහා ලබාදෙන සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරන ලදී. බැංකුව වෙනුවෙන් මෙම සම්මානය කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) පැවති උත්සවයකදී පිළිගත්තේය.

බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් තුන්වන අවස්ථාව මෙයයි. කොටස්කරුවන්ට, පාරිභෝගිකයින්ට, සේවකයින්ට සහ පුළුල් වශයෙන් ප‍්‍රජාවට සිදුකළ අගය එකතු කිරීම සලකා බලමින් කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය ලබාදීම කැපී පෙනේ.

සේයාරුවේ දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා (වමේ) මෙම සම්මානය ලබාගන්නා ආකාරයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here