ID, PASSPORT හදාගන්න පෝලිමේද? මේක කියවන්න…

0
416

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල අසල දිගු පෝලිම් දක්නට ලැබීම මේ දිනවල සුලබ දසුනකි.

දිවයිනේ නන් දෙසින් සිය අවශ්‍යතා ඉටුකරග ගැනීමට පැමිණෙන ජනතාවට මෙම සුහුරුපාය ඇතුළත ඒ සියලු පහසුකම් සහිත බව නොදැනීම කනගාටුවට කරුණකි.

පෝලිම් දිගු වූවායැයි සිතා පෝලිම් වල නොසිට, තැරැව්කරුවන් සහ කූට ජාවාරාම්කාරයන්ට හසුව තමාට ගෙදර යාමට ඇති බස් ගාස්තුව පවා නිකරුණේ පුදා සියල්ල නැතිකරගනී. එබැවින් රුපියල් 200/- සිට 5000/= දක්වා වූ අවිධිමත්, අනියම්, තැරැව්කරුවන්ගෙන් ප්‍රවේසම් වන්න.

ඔබට ඉවසීමෙන් පෝලිමේ සිට කාර්යාල සංකීර්ණය ඇතුළට පිවිසුණු වහාම සියලු කටයුතු කරගැනීමේ කවුන්ටර් දැකගත හැකිවනු ඇත. එැබැවින් ඔබේ වටිනා කාලය සහ මුදල් නිකරුණේ නාස්තිකරගන්න එපා.

සේවා අවශ්‍යතා මත සීමිත පිරිසක් රාජකාරී කිරීම නිසා තාවකාලිකව ඇතිව ඇති තත්ත්වය උඩ බොරදියේ මාළුබාන්නන්ගේ ප්‍රවේසම් වන්න. එහි සුහදශීලී සේවාවක් ඔබවෙත නිතැතින්ම ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here