Friday, February 7, 2025

IMF එකෙන් ණය ගන්නවා කියන්නෙ පරමිපරා හතකට හෙන ගහන වැඩක් . ණය ගත්තොත් මම ආණ්ඩුවෙන් යනවා – වාසු කියයි

සියලුම රාජ්‍ය දේපල පෞද්ගලීකරණය, රටේ සුභසාධන කප්පාදුව, රුපියල පා කිරීම වැනි බරපතළ කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකා රජය ගොස් ණය ලබාගැනීමට කටයුතු කළහොත් තමන් එක මොහොතක් හෝ ආණ්ඩුවේ නොසිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මුල්‍යය අරමුදලින් ණය ගැනීම පරම්පරා හතකට හෙන ගහන වැඩක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු රටකට කර කියාගත නොහැකි තත්ත්වයකට පත්වුණාම අවසන් වශයෙන් යන තැන බවත් එසේ යන්නේ ඕනෑම රටක් අසරණ වූ විට බවත් එවිට සිදුවන සියල්ල එම අරමුදලේ ප්‍රතිපත්තිය අනුව සිදුවිය යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

2015 රාජපක්ෂ ආණ්ඩුව පිටරටවලට වූ අධික ණය බර රනිල්ගේ ආණ්ඩුව සහනදායි ලෙස නැවත ගෙවා දමන්නේද මුල්‍ය අරමුදල සමග කතා කර මුල්‍ය විනය රටේ ඇතිකරමිනි. එහෙත් මේ ආණ්ඩුවේ සාමාජිකයන් මුල්‍ය අරමුදලට දැඩි බියක් දක්වන අතර කන්න බොන්න මෙන්ම ළමයින්ට බොන්න කිරි ආහාර නැති වුවත් IMF නම් යන්නේ නැ යනුවෙන් බියකින් පසු වීමත් කුතුහලයට කාරණයක්.” යනුවෙන් ඔහු පැවසීය.

“IMF නැතහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග චන්ද්‍රිකා මහින්ද රනිල් යන ආණ්ඩු සැමවිටම සමීපව කටයුතු කර ඇති අතර මුල්‍ය අරමුදල පිහිටවා ඇත්තේද තම සාමාජිකයන් ආර්ථිකව කඩා වැටෙද්දී බේරා ගැනීමටයි. එහෙත් මුල්‍ය විනය පවත්වාගෙන යායුතු බව ඔවුන්ගේ කොන්දේසියක් වෙයි. සැම ගනුදෙනුවක්ම විනිවිද විය යුතුයි. හිතවතුන් සමග මුල්‍ය දුෂණ සිදු කිරීමට ඔවුන් සමග කිසි ඉඩක් නැති අතර රටට අනවශ්‍ය කාලෝචිත නොවන මුදල් වියදම් කිරීම් වලට ඔවුන් ඉඩ දෙන්නේ නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ රටකට කරකියා ගන්න දෙයක් නැති වුණාම අවසාන වශයෙන් යන තැන. එහෙම යනකොට ඕනෑම රටක් යන්නේ අසරණව. එවිට එම මූල්‍ය අරමුදල හා මෙරට අතර ඇති වන මොනවාහරි ගනුදෙනුවක් වුණොත් ඒක අයි.එම්.එෆ්. ප්‍රතිපත්තිය අනුව තමයි සිද්ධ වෙන්නේ.

එම මූල්‍ය අරමුදලේ පළමු වැනි ප්‍රතිපත්තිය තමයි ඔක්කෝම රාජ්‍ය දේපළ දේශීය හෝ විදේශීය පෞද්ගලික සමාගම්වලට මිලදී ගන්න ඉඩදීම. දෙවැනි ප්‍රතිපත්තිය තමයි රටේ සුබසාධන කටයුතු වෙනුවෙන් කරන වියදම් ටිකෙන් ටික අඩු කරන්න ඕනෑ. තුන්වැනි ප්‍රතිපත්තිය තමයි දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා කරන සියලුම ආනයනය කිරීම් අතහරින්න ඕනෑ.

එවැනි කොන්දේසි ඔවුන් පනවන අතර රටකින් ගන්නා ණයක් රජයකට අවශ්‍ය ලෙස වියදම් කල හැකි වුවත් මෙය එසේ කල නොහැකි. විදෙස් රටවල මෙන් පොලිය ඉහල එකක් නොවන අතර ඔවුන් සහනධායි ලෙස රටවල් වලට උපකාර කරයි.

ඔය ආකාරයේ කොන්දේසි ගණනාවක්ම තියෙනවා. බරපතළම කොන්දේසිය තමයි රුපියලේ වටිනාකම සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ තීන්දුවන ආකාරයට තීන්දු වෙන්න ඉඩ අරින්න ඕනෑ. මේ ඔක්කෝම එකට ගත්තාම ඒක රටට දෙන්න පුළුවන් නරකම විපත්තියයි.

නමුත් එවිට කෙනෙක් අහයි එහෙනම් අපි මොකක්ද කළයුත්තේ කියලා. මොකක්ද විකල්පය කියලා අහයි. මොනවද අපිට තියෙන වෙනත් මඟ කියලා. මම හිතන හැටියට නම් අද අපට තියෙන පළමු වැනි ප්‍රශ්නය ඩොලර් හිඟය. ඒකට අපි දැනට කරගෙන යනවා වගේ අපේ මිත්‍ර රටවල් එක්ක තාවකාලික අතමාරු ගිවිසුම් ගහන්න ඕනෑ. තාවකාලික ගිවිසුම් ගහනවා කියන්නේ අපේ ඩොලර් ඉපැයීම් එනතුරු.

දැන් අපිට පේන ආකාරයට අපේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු වෙන්න පුළුවන් වැඩි කාලයක් නොගිහින්. එතකොට අපේ ඩොලර් ආදායම් එනවා. අනිත් අතට දැන් අපි මාස්පතා ලංකාවෙන් විදේශයන්ට යවන භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවමින් යනවා. ඒ කියන්නේ එන්න එන්න අපි වැඩියෙන් විදේශයන්ට භාණ්ඩ අපනයනය කරනවා.” යනුවෙන් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles