Monday, January 13, 2025

IMF ගියොත් කොන්දේසි සඳහා එකඟවෙන්න වෙනවා – ඇමති බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් ගිවිසුමක් ඇතිකර ගතහොත් එම අරමුදල ප්‍රතිපත්තිමය කොන්දේසි සඳහා එකඟ වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එනිසා එම අරමුදලේ සහයෝගය ලබා ගන්නේ නම් ඊට ප්‍රථම ශ්‍රී ලංකාව විසින් සලකා බැලිය යුතු කරුණු බොහෝමයක් තිබෙන බවත් එමෙන්ම පුළුල් සංවාදයක් රට තුළ ඒ ගැන ඇති කළ යුතු බවත් හෙතෙම පැවසීය.

අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීම ඒ වෙනුවෙන් සේවක වැටුප් හා මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමට සිදුවන බවත් පැවසූ ඔහු ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවද සඳහන් කළේය.

නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත් ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ජනතාව ඊට කැමති දැයි විමසා බැලිය යුතුව ඇති බව ද පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සඳහා එකඟ වුවහොත් ඇතිවන තත්ත්වයන්ට ජනතාවගේ කැමැත්ත ගැන විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ වෙළඳ අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles