IMF දෙවැනි ණය වාරිකය ලැබෙයි

0
477

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 162.6ක ණය වාරිකයක් පිරිනැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.

මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවන වාරිකයයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනූව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 325.1 ක මුදලක්  මේවන විට ලබාදීමට පියවර ගෙන ඇත.

වසර තුනක කාලයකදී වාරික වශයෙන් සම්පූර්ණ ණය මුදල ලබාදිමට නියමිතය.

විදේශ සංචිත ඉහළ නැංවීය, සාර්ව ආර්ථිකය නැංවීම සඳහා හොඳ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදිම, ආර්ථික වර්ධනය හා මූල්‍යමය හිගය පියවීම වැනි අරමුණු වෙනුවෙන් මෙම ණය මුදල් ශ්‍රී ලංකාවට මුදාහරියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here