IMF දෙසැම්බරයේ….

0
653

මේ වසර අවසන්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකමට අදාළ පළමු වාරිකය ලබා ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නමුත් ඔහු කියා සිටියේ, එය ණය හිමියන්ගේ සහයෝගය සහ සහතිකය මත රඳාපවතිනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය ගැනීම සඳහා එක්කරගත් ලසාර්ඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් උපදේශන සමාගම් මූලික වී ණයහිමියන් සමග ඊයේ (23) විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි.

මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී රටේ වත්මන් ණය තත්ත්වය පිළිබඳව ණය හිමියන් දැනුවත් කළ අතර ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් ද සාකච්ඡාවට ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here