IMF නියෝජිතයින් සහ ජනපති හමුවෙයි

0
635

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික වටයේ සාකච්ඡාවක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්වුණි. ඒ, ජනාධිපති කාර්යාලයේදීය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්වය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.  මෙහි තවත් සාකච්ඡාවක්, ලබන 26 වැනිදා පැවැත්වීමටත් තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහ බැංකු නිලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් තීරණය කෙරුණි.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානී, පීටර් බෘබර්, නියෝජ්‍ය ප්‍රධානී ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.     

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here