IMF හිමිවේ..! ඩොලරය වසර ඇතුළත පහළට… ජනපති ජාතිය අමතයි

0
681

IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය.

මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු ලබන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර ණය මට්ටමක් සාක්ෂාත් කර ගැනීමටත් කැපවන බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here