ඉම්රාන් ඛාන්ට හමුදාවත් පිටුපායි.

0
578
Pakistan's Prime Minister Imran Khan speaks during a joint news conference with Afghan President Ashraf Ghani (not pictured) at the presidential palace in Kabul, Afghanistan November 19, 2020. REUTERS/Mohammad Ismail - RC2C6K9V0433

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට බලයේ සිටීමට එරට හමුදාව සහ එහි බලගතු අංශයක් වන අන්තර් සේවා බුද්ධි අංශය දැඩි සහයක් ලබාදුන්නද මේ වන වි‍ට එම බුද්ධි අංශයම ඔහුව බලයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ හරහා, පාකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි බව නැවත වරක් තහවුරු වන බවත් හමුදාව සහ එහි අන්තර් සේවා බුද්ධි අංශය සියල්ල පාලනය කරන රටක් බවත් නිරීක්ෂණය වන්නේ යැයි අන්තර්ජාතික දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මන්ත්‍රීවරුන් 342 කින් යුත් ජාතික සභාව තුළ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් වෙත මේ වන විට සහය පළකරන්නේ මන්ත්‍රීන් 155 ක් පමණක් බව පැවසේ.

ආසන 23 ක් ඇති සභාග හවුල්කරුවන් හය දෙනෙකුගේ සහාය අගමැතිවරයා වෙත ලැබීම අවිනිශ්චිත බැවින්, ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට ජයගැනීම අභියෝගයක් බව සදහන් වේ.

ඉම්රාන් ඛාන් නෙරපා හැරීමට ශීඝ්‍ර උද්ධමනය වැනි දේශීය ප්‍රශ්න විරුද්ධ පක්ෂ විසින් මුලීක කරගෙන ඇති අතර පාකිස්තානයේ විදේශ සබඳතා අවුල් කිරීම සම්බන්ධයෙන් ඉම්රාන් තමාටම දොස් පැවරිය යුතු බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

රටේ විදේශ සබඳතා සම්බන්ධයෙන් ප්‍රධාන තැනක් ගන්නා හමුදාවට එය එතරම් යහපත් නොවීමත් ඉම්රාන් ඛාන්හට හමුදා විරෝධය එල්ලවීමට හේතු වූ බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here