ඉන්දියානු ආර්ථිකය සනීපෙන්

0
401

ඉන්දියාව බොහෝ තරඟකාරී ආර්ථිකයන්ට වඩා හොඳ තත්වයක සිටින බවත් ප්‍රකෘතිමත් වීම වේගවත් වී ඇති බැවින් ආර්ථික අවපාතයන් වළක්වා ගැනීමට හැකියාව ඇති බවත් ඉන්දියානු මහ බැංකුව (RBI) සිය මාසික ආර්ථික වාර්තාව මගින් ප්‍රකාශ කර තිබේ.

උද්ධමනය පාලනය කිරීම සඳහාත් , ස්ථාවර ආර්ථිකයක් වර්ධනය කිරීමටත් , මෑත කාලීන මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග උපකාරී වන බව ද එමගින් අනාවරණය කර ඇත.

රුසියා යුක්රේන යුද්ධය සහ පසුව පැනවූ සම්බාධක, වෙළඳාම සහ වර්ධනය අඩාල කරන අතරම ගෝලීය භාණ්ඩ මිල ඉහල දමා තිබේ.

එහෙත්, ඉන්දියාවේ 7.04% ක් වූ මැයි උද්ධමනය මාස හතක අඛණ්ඩ වැඩිවීමකින් පසු පහත වැටීමක් වාර්තා කිරීම නිසා යම් සහනයක් ගෙන දී ඇති බව පැවසේ.

ලෝකයේ සෙසු රටවල් මෙන් නොව, ඉන්දියානු ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ඔරොත්තු දෙන සහ ශක්තිමත් වෙමින් පවතින බවත්, ආර්ථිකය සඳහා වන පිරිවැය අවම කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තියේ ස්ථායීකරණ බලපෑම් ක්‍රියාවට නැංවීමට හොඳම කාලය මෙය බවත් ඉන්දියානු මහ බැංකුව ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here