ත්‍රස්තවාදීන්ට අප්‍රිකාවේ සම්පත් වෙත ප්‍රවේශවීම අවහිර කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමක්

0
276

අප්‍රිකාවේ විවිධ ප්‍රදේශවල සම්පත් සූරාකෑම සම්බන්ධයෙන් සහ ත්‍රස්තවාදයට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් වැරදිකරුවන් හට ජාත්‍යන්තර ප්‍රජාව විසින් ක්‍රියාමාර්ග ගත යුතු බව ඉන්දියාව අවධාරණය කර තිබේ.

ත්‍රස්තවාදීන් ඇතුළු බාහිර බලවේග සම්පත් බහුල කලාපය සූරාකෑම වැලැක්වීමට ප්‍රචණ්ඩත්වයෙන් තොර අප්‍රිකාවක් අවශ්‍ය බව ඉන්දියාව පෙන්වා දී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් මෙම අදහස් පළ කළේ “අප්‍රිකාවේ සාමය සහ ආරක්ෂාව: ස්වභාවික සම්පත් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හරහා සන්නද්ධ කණ්ඩායම්වලට සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට එරෙහි සටන ශක්තිමත් කිරීම” යන මැයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවතී විවාදයේදී ය.

සම්පත් බහුල කලාපය සූරාකෑම මගින් ත්‍රස්තවාදී කණ්ඩායම් ඔවුන්ගේ අරමුදල් වැඩිකරගනීමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

මෙම කලාප මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ද ඔහු පැවසීය.

ත්‍රස්තවාදී සහ සන්නද්ධ කණ්ඩායම් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට වැඩි වැඩියෙන් අරමුදල් සපයන්නේ ස්වභාවික සම්පත් නීති විරෝධී ලෙස සූරාකෑම සහ වනජීවී ජාවාරම් සහ කප්පම් ගැනීම් යනාදිය අනෙකුත් ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් හරහා බව ද ඔහු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here