ඉන්දු-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වය ගෝලීය යහපත සඳහා අතිශයින් වැදගත් – අගමැති මෝදි

0
306

ඉන්දු – ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වය ගෝලීය යහපත සඳහා විශාල වැදගත්කමක් ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක එමානුවෙල් බොන් නවදිල්ලි නුවරදී හමු වූ අවස්ථාවේ අගමැති මෝදි පවසා ඇත්තේ බැස්ටීල් දිනයේදී ජනාධිපති මැක්‍රොන් හමුවීමට තමන් මහත් අපේක්ෂාවෙන් සිටින බවයි.
ප්‍රංශයේ බැස්ටිල් දිනයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල සංචාරයට පෙර මෙම හමුව සිදුව තිබේ.
බැස්ටීල් දිනය, විශේෂයෙන්, ප්‍රංශයේ ජාතික දිනය වන අතර, මෙම අවස්ථාව වඩාත් විශේෂ වන්නේ මෙම වසරේ ඉන්දු-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 25 වන සංවත්සරය ද යෙදී තිබීම හේතුවෙන්.
මෙම වැදගත් සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා ඉන්දියානු හමුදා කණ්ඩායම ද බැස්ටිල් දිනයේ පාගමනට එක්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here