ඉන්දු-මාලදිවයින ආරක්ෂක හවුල්කාරිත්වය වර්ධනයට සාකච්ඡා

0
545

ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් සිය පළමු විදෙස් සංචාරය ලෙස මාලදිවයිනේ සංචාරයක නිරත වී තිබේ.

මාලදිවයින යනු දකුණු ආසියාවේ ඉන්දියාවේ ප්‍රමුඛතම සංවර්ධන හවුල්කරුවකු පමණක් නොවන අතර විශ්වාසනීය ආරක්ෂක හවුල්කරුවෙක් ද බව මෙමගින් පැහැදිළි වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මෙම හවුල්කාරිත්වය ඉතා වැදගත් බව ඉන්දියාවේ විශ්වාසය වී ඇති බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

මාණ්ඩලික ප්‍රධානියාගේ තෙදින සංචාරයේදී අප්‍රේල් 18 සිට 20 දක්වා වූ අතර, එහිදී අද්මිරාල් හරි කුමාර් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ්, විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සහ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩිට අමතරව ආරක්ෂක ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂාමාල් ද හමුවී ඇත.

ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ ඔහුගේ සාකච්ඡාවලදී ඉන්දීය නාවික හමුදාව සහ මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමේ ක්‍රම පිළිබඳව අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here