Saturday, November 16, 2024

ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි ලෙබනනයට

ද්විපාර්ශ්වික ආධාරවල කොටසක් ලෙස ඉන්දියාව ලෙබනන් රජයට ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි භාර දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයකු වන අවුසාෆ් සයීඩ් විසින් ලෙබනන බලධාරීන් වෙත ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි භාර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බාග්චි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි ඔක්තෝබර් 03-04 දිනවල ලේකම්වරයාගේ ලෙබනන සංචාරයේදී භාර දෙන ලදී.

ඔහු ලෙබනනයේ විදේශ කටයුතු සහ විගමන අමාත්‍ය ආචාර්ය අබ්දල්ලා බූ හබීබ් හමුවූ අතර එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

අවුසාෆ් සයීඩ් වීදේශ කටයුතු සහ විගමන අමාත්‍යාංශයේ මහලේකම් හානි චෙමයිටීලි ද හමු වී ඇති අතර එහිදී දෙපාර්ශ්වයම ද්වීපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගත් බවත් ඊට වෙළඳාම, මිනිසුන් අතර සම්බන්ධතා, වෘත්තීය පුහුණුව යනාදිය ඇතුළත් වන බවත් විදෙස් වාර්තා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles