Sunday, September 8, 2024

G20 කාශ්මීරයට සංචාරකයින් ගෙන්වයි

පසුගිය මැයි මාසයේ ශ්‍රීනගර් හි පැවති G20 නියෝජිතයින්ගේ සාර්ථක ‘සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම’ ජම්මු සහ කාශ්මීරයේ සංචාරක ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කර තිබේ.

ලෝකයේ වඩාත්ම බලගතු ආර්ථිකයන්හි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුව ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට පමණක් නොව හිමාල කලාපයේ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනය සඳහා උත්ප්‍රේරකයක් ද වී ඇත.

මේ වසරේ මුල් මාස හය තුළ යුරෝපීයන් ඇතුලු විදේශීය සංචාරකයින් 15000 කට අධික පිරිසක් කාශ්මීරයට පැමිණ ඇති අතර එය පසුගිය වසරට වඩා වැඩි වීමකි.

1990 න් පසු, ජම්මු හා කාශ්මීර් හි පාකිස්තානයේ අනුග්‍රහය ලැබූ ත්‍රස්තවාදීන් සිදු කළ විනාශයත් සමග සංචාරකයින් කාශ්මීරයට පැමිණීම නතර විය.

G20 සමුළුව සාර්ථකව පැවැත්වීමත් සමඟ ආරක්‍ෂක තත්ත්වය වැඩිදියුණු වීම විදේශ රටවල විශ්වාසය ඇති කර තිබේ.

ශ්‍රීනගර් එම සමුලුව පැවැත්වීම ජම්මු හා කාශ්මීරයේ සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය ඉස්මතු කළා පමණක් නොව සංචාරක ගමනාන්තයක් ලෙස කලාපයට ඇති හැකියාව ප්‍රදර්ශනය කළේය.

G20 සමුළුවෙන් පසු කාශ්මීරයට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව වැඩිවීම පාර්ශ්වකරුවන්ගේ සතුටට හේතු වී තිබේ.

ඉදිරි දිනවලදී විදේශිකයන් කාශ්මීරය සමඟ ඔවුන්ගේ සබඳතා පුනර්ජීවනය කරනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles