ඉන්දියාව සහ නෝර්වේ අතර සාකච්ඡාවක්

0
296

ඉන්දියාව සහ නෝර්වේ විදේශ කාර්යාල උපදේශන මාලාවේ 9 වැනි වටයේ සාකච්ඡා ඔස්ලෝහිදී බ්‍රහස්පතින්දා පවත්වා ඇති අතර එහිදී දෙපාර්ශ්වයම ශක්තිමත් දේශපාලන සබඳතා මත පදනම්ව වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.

සංජේ වර්මා විසින් ඉන්දියානු පාර්ශවයේ උපදේශනවල සම මුලසුන දැරූ අතර, නෝර්වීජියානු පාර්ශවයෙන් රැස්වීමේ සම මුලසුන දැරුවේ මහලේකම් ටෝර් හැට්රම් විසිනි.

දෙපාර්ශවය අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මෙම සාකච්ඡා සුහද සහ සහයෝගී වාතාවරණයක් තුළ පැවති බව සදහන් වේ.

සහයෝගීතාවයේ විශේෂිත ක්ෂේත්‍ර අතරට බලශක්තිය, පරිසරය සහ දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය , නාවික හා සමුද්‍රීය, උසස් අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂණය ඇතුළත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

යුරෝපා සංගමය, යුක්රේන ගැටුම, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාවේ අසල්වැසි ප්‍රදේශය සහ ඉන්දු පැසිෆික් කලාපයේ වර්ධනයන් ඇතුළු කලාපීය ගැටළු පිළිබඳව ද දෙපාර්ශවය මෙහිදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here