Friday, January 10, 2025

ඉන්දියාව පරිගණක නිෂ්පාදනයේ පිම්මක් පැනීමට සැරසේ

ඇපල් සහ ඩෙල් වැනි සමාගම් ආකර්ෂණය කර ගනිමින් රට තුළ ටැබ් පරිගණක සහ ලැප්ටොප් නිපදවන නිෂ්පාදකයින් සඳහා මූල්‍ය දිරිගැන්වීම් ඉහළ නැංවීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.

සමාගමකට ඩොලර් බිලියන භාගයක් ඉක්මවිය හැකි ගෙවීම් ඇතුළුව උපදේශනය සඳහා ෆෙඩරල් තාක්‍ෂණ අමාත්‍යාංශය විසින් නවීකරණය කරන ලද වැඩසටහන ඉලෙක්ට්‍රොනික කර්මාන්ත විධායකයින් වෙත ඉදිරිපත් කර ඇති බව ද පැවසේ.

ඉන්දියාවට අවශ්‍ය වන්නේ ටැබ් පරිගණක සහ ලැප්ටොප් නිෂ්පාදනය ඉහළ නැංවීම, ආනයනය කපා හැරීම සහ දිගුකාලීනව රට අපනයන කේන්ද්‍රස්ථානයක් කිරීම බව ද සදහන් වේ.

දේශීය නිෂ්පාදන පුළුල් කිරීමට හෝ ආරම්භ කිරීමට Apple, Dell, HP සහ Asustek Computer වැනි සමාගම් ඉලක්ක කර ගනිමින් මෙම උත්සාහය දරන බව වාර්තා වේ.

විශේෂයෙන්ම, තායිවාන සැපයුම්කරුවන් හරහා දැනටමත් ඉන්දියාවේ IPHONE එකලස් කරන ඇපල් සමාගමට දේශීයව අයිපෑඩ් (Ipad ) නිපදවීමට ඒත්තු ගැන්වීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇති බව පැවසේ.

රජයේ ලේඛනයකට අනුව මෙම සැලැස්ම වෙනුවෙන් නිෂ්පාදකයෙකු සඳහා ඉන්දීය රුපියල් බිලියන 45 (අ.ඩො මිලියන 549) තරම් මුදලක් ලබා දෙන බව ද සදහන් වේ.

ඒ සදහා සුදුසුකම් ලැබීමට නම්, විදේශීය සමාගම් 2021 මාර්තු මාසය වන විට ඔවුන් කළ වියදම් මත රුපියල් බිලියන 7ක් (අ.ඩො මිලියන 85.6) ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට අවශ්‍ය වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles