ඉන්දියාව යුක්රේනයට බෙහෙත් දෙයි.

0
460

යුක්රේනයට අත්‍යවශ්‍ය ඖෂධ තොග ආධාර ලෙස ලබාදීම‍ට ඉන්දියාව පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්රේනයේ කොටුවී සිටින ඉන්දියානුවන් යළි රැගෙන ඒම සදහා යවනු ලැබූ ගුවන් යානා මගින් මෙම ඖෂධ තොග යවා ඇති බවයි.

මේ පිළිබදව අදහස් දක්වමන් ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වාරානාසී හා පැවති වෛද්‍යවරුන්ගේ සමුලුවක දී සදහන් කර ඇත්තේ , නේටෝව සහ ඇමරිකාව යුක්රේනයේ පුරවැසියන්ට ආයුධ ලබාදෙන අතර, රුසියාව මිසයිල එල්ල කරන බවයි

ලෝකයේ සුපිරි බලවතෙකු ලෙස ඉන්දියාව සුවිශේෂ පරිවර්තනයක් සිදුකරමින්, යුක්‍රේනයට ඖෂධ සපයන බවත් නව ඉන්දියාවේ හැඩය එය බවත් ඔහු මෙහිදී පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here