ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක එකගතා රැසක

0
353

ආරක්ෂක සහයෝගීතාව සමාලෝචනය කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් රාජධානිය පසුගියදා ලන්ඩනයේ දී ආරක්ෂක උපදේශක කණ්ඩායම් රැස්වීමක් පැවැත්වූ බව එක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දීය ආරක්ෂක ලේකම් අජේ කුමාර්, එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් සහ ප්‍රධාන සිවිල් උපදේශක ඩේවිඩ් විලියම්ස් සමඟ ඉන්දියා-එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශක කණ්ඩායමේ සම සභාපතිත්වය දරා තිබේ.

දෙපාර්ශවයම විවිධ සේවා මට්ටමේ ද්විපාර්ශ්වික කණ්ඩායම්වල ප්‍රගතිය සහ අනෙකුත් ආරක්ෂක සහයෝගීතා යාන්ත්‍රණයන් සමාලෝචනය කළ බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

ජූලි මාසය මුලදී, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශක ස්ටීවන් ලව්ග්‍රෝව් හමු වූ අතර ද්විපාර්ශ්වික සහ ගෝලීය වැදගත්කම පිළිබඳ විෂයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

සයිබර් ආරක්‍ෂාව, සමුද්‍රීය සහ ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගිතාව, කලාපීය ආරක්‍ෂාව සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳ කරුණු සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු වලට ඇතුළත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here