ඉන්දීය ණය යටතේ ඩීසල් ටොන් 40000ක් කොළඹට…!

0
755

අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ඉන්දීය ණය පහසුකමෙන් ලබාගත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව අද(02) පෙරවරුවේ කොළඹට ළඟා විය.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා හා තෙල් සංස්ථාවේ සභාපතිවරයා නෞකාව පිළිගැනීමට පැමිණ සිටියේය.

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ තවත් ඉන්දීය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගි විය.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ණය පහසුකම් යටතේ ලබාදෙන සිව්වන ඉන්ධන තොගය මෙය වන බවය.

පසුගිය දින 50 ක කාලය තුළ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සපයන ලද ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 200,000 ක් පමණ වන බවත් එම ට්විටර් පණිවිඩයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here