ඉන්දියානු හමුදාවෙන් දැවැන්ත යුද අභ්‍යාසයක්

0
285

ඉන්දියානු හමුදාව පසුගියදා සියලුම යුධ සටන් ආයතන සම්බන්ධ කරගනිමින් විශාලතම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක් සිදුකර තිබේ.

මෙම අභ්‍යාසයට රාජස්ථානයේ බටහිර දේශසීමාවේ සිවිල් ආයතන ද ඇතුළත් ව සිටි බව වාර්තා වේ.

එයට දින කිහිපයකට පෙර, ඉන්දියානු සහ එක්සත් ජනපද හමුදාවේ කාන්තා සොල්දාදුවන්, ‘යුද් අභ්‍යාස 2022’ පුහුණුවකට සහභාගි වූ බව ඉන්දීය හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජාතීන් දෙකේ හමුදාවන් අතර හොඳම භාවිතයන්, උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටි හුවමාරු කර ගැනීමේ අරමුණින් යුධ අභ්‍යාසය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර වාර්ෂිකව පවත්වනු ලැබේ.

අභ්‍යාසයේ 2021 වසරේ වැඩසටහන ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදයේ ඇලස්කාවේ ඒකාබද්ධ කඳවුරු එල්මෙන්ඩෝෆ් රිචඩ්සන් හිදී පවත්වන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here