ඉන්දු ඔස්ට්‍රේලියානු නාවික ප්‍රධානීන් අතර හමුවක්.

0
325

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් හරි කුමාර් ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ ප්‍රධානී වයිස් අද්මිරාල් Mark Hammond හමුවී තිබේ.

ඒ ඔහුගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය අතරතුරයි.

අද්මිරාල් හරි කුමාර් ඉන්දීය නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසුව ඔස්ට්‍රේලියානු සංචාරයක් සදහා එක් වූ පළමු අවස්ථාව එයයි.

ඉන්දු පැසිෆික් කලාපය තුළ දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශවික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් එහිදී නාවික හමුදා ප්‍රධානීන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම දෙරටේ නාවික හමුදාවන්ගේ සහභාගීත්වයෙන් මේවනවිට සිදු කරන නාවික හමුදා මෙහෙයුම් පිලිබද සමාලෝචනයක් ද එහිදී සිදුව ඇත.

ඊට අමතරව සමුද්‍රීය අභියෝග ජයගැනීම සදහා ගත යුතු උත්සහයන් මෙන්ම සහයෝගිතාව වර්ධනය සම්බන්ධයෙන් ද නාවික හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡා පැවැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම මෙම සංචාරයේදී ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ තවත් ඉහළ නිලයන් කිහිපයක්ම හමුවු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here