මාලදිවයිනට ලැබුණු ඉන්දීය ආධාර ඇගයේ.

0
364

ඉන්දියාව මාලදිවයිනට ලබා දුන් ආධාර අගය කරන මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් , එම ආධාර දිවයිනේ මූලික සේවාවන් සංවර්ධනය කිරීමේදී වැදගත් වූ බව සදහන් කර තිබේ.

මාලදිවයිනේ ජනතාවගේ මූලික සේවාවන් සංවර්ධනය කිරීමේදී ඉන්දියාවෙන් ලැබෙන ආධාර ඉතා වැදගත් බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.

මාලදිවයිනේ හදිසි හා කම්පන ඒකකයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර තිබිණ.

මාලදිවයිනේ බී. ඩරවන්දෝ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හදිසි හා කම්පන ඒකකය විවෘත කිරීම පසුගියදා සිදු වූ අතර එය මාලදිවයිනේ රජය සහ ඉන්දීය රජය එක්ව අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

කොවිඩ්-19 වසංගතය හමුවේ මාලදිවයිනට ලැබුණු ඉන්දියානු ආධාර සම්බන්ධයෙන් ද අබ්දුල්ලා ෂාහිඩ් මීට පෙර ප්‍රශංසා කර තිබිණ.

විශේෂයෙන් සංචාරක බුබුල යටතේ අඩු සංවර්ධිත සහ කුඩා රටවලට කොවිඩ් එන්නත් ලබාදීමේදී ඉන්දියාවේ කාර්යභාරය ද ඔහුගේ අගය කිරීමට ලක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here