Sunday, January 5, 2025

ඉන්දියාවේ නව අර්ධ සන්නායක සැලැස්මට ඩොලර් බිලියන 25 ක ආයෝජනයක් ලැබෙනු ලකුණු

නව අර්ධ සන්නායක සහ ප්‍රදර්ශන පහසුකම් සඳහා සහය වැඩි කිරීමේ සැලැස්ම යටතේ ඉන්දීය රජය විශාල ආයෝජනයක් අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

වත්මන් ආයෝජන අපේක්ෂාව අවම වශයෙන් ඩොලර් බිලියන 25 ක් පමණ වන බව ඉලෙක්ට්‍රොනික හා තාක්‍ෂණ අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් උපුටා දක්වමින් අදාළ වාර්තාව පෙන්වා දෙයි.

අර්ධ සන්නායක නිෂ්පාදනය සඳහා, නිෂ්පාදන සම්බන්ධ දිරි දීමනා (PLI) යෝජනා ක්‍රමයේ වෙනස්කම් පසුගියදා ඉන්දීය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

PLI යෝජනා ක්‍රමය යටතේ වන කොටස සඳහා රුපියල් කෝටි 76,000 ක (ඩොලර් බිලියන 10 ක් පමණ) වියදමක් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලදී.

රට තුළ අර්ධ සන්නායක සහ ප්‍රදර්ශන නිෂ්පාදන ඉලෙක්ට්‍රොනික පරිසර පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා එම මුදල වැය කෙරේ.

ඉන්දියා ඉලෙක්ට්‍රොනික්ස් සහ අර්ධ සන්නායක සංගමය සහ Counterpoint Research විසින් කරන ලද වාර්තාවකට අනුව, 2026 වන විට රටේ අර්ධ සන්නායක සංරචක වෙළඳපොල හරහා ඩොලර් බිලියන 300 ක අදායමක් දක්වා ළඟා වනු හැකි බව සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles