ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම සිදුවෙයි.
ලංකා IOC  සමාගම ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමයි

0
469

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කරයි.

මෙම මිල වැඩි කිරීම සමග ඉන්දීය තෙල් සමාගමේ බෙදුහල්වල පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214කි.

මෙය ඉතිහාසයේ මෙය මෙතෙක් වාර්තා වූ වැඩිම ඉන්ධන මිල වැඩිවීමයි.එසේම මෙය එක්වරකදී මෙරට ඉන්ධන මිල ඉහල දමනලද වැඩිම අගයද වෙි.

මීට පෙර පෙබරවාරි 06 පළමුව LIOC සමාගම සිය ඉන්ධන මිල ඉහල දැමූ අතර ඊට දින කිහිපයකට පසුව පෙබරවාරි 25 යලිත් ඉන්ධන මිල ඉහළ දැමුවා.

දින 32 ඇතුළත LIOC සමාගම ඉන්ධන මිල තුන්වරක් ඉහල නංවන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් (CEYPETCO) වල දැඩි ඉන්ධන හිඟයක් පවතින තත්වයකදී යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here